RAM එකේ භාවිතා වන ධාරිතාවය අඩු කර ගන්න මෙන්න හොඳ Software එකක්…
මම ඔයාලට දෙන්නේ හොඳ Software එකක්. ඒ තමයි Wise Memory Optimizer කියන Software එක. මේ Software එකේ Latest Versions wisecleaner.com කියන වෙබ් සයිට් එකෙන් Free Download කර ගන්න පුළුවන්.
ඔයාලා කවුරුත් දන්න තාරණයක් තමයි පරිගණකයක RAM ධාරිතාවය භාවිතා කිරීම වැඩිවෙන්න වැඩිවෙන්න එහි වේගය අඩු වෙනවා කියලා. ඒකට උත්තරයක් විදියට තමයි මේ Software එක ගැන මම කියලා දෙන්නේ. මේකෙන් වෙන්නේ භාවිතා වන RAM ධාරිතාවය අඩු කරලා ඒකෙන්ප පරිගණකයේ වේගය යම්තාක් වැඩි කරලා දෙන එක.
මේ Software එක විශේෂයෙන් ම PC වලට තමයි තියෙන්නේ. Tablet හෝ Mobiles වලට නම් Google Play , Apple iStore , Windows Store වල සර්ච් එකක් දාලා බලන්න. මම අද කියන්නේ PC Version එක ගැන.
අපි මේ Software Install කරලා විවෘත කර ගන්න ඕන (Install කරන හැටි කවුරුත් දන්නවනේ. දන්නේ නැතිනම් Youtube වල සර්ච් එකක් දාලා Video එකක් බලන්න.) ඔයාලා Software එක විවෘත කර ගත්තම රුපයේ පෙනෙන විදියේ Screen එකක් තමයි එන්නේ. එකෙ තියෙන Optimize Button එක ක්ලික් කරහම අපේ පරිගණකයේ දැනට විවිධ වැඩසටහන් මඟින් අරගෙන තියෙන RAM එකේ ධාරිතාවය අඩුකරලා දෙනවා. පරිගණකය වේගවත් කරවනවා. Used Memory මඟින් දැක්වෙන්නේ දැනට පරිගණකය විසින් භාවිතා කරන RAM ( Random Access Memory ) ධාරිතාවය දක්වනවා. Free Memory මඟින් දැනට ඉතිරිව ඇති ධාරිතාවය දක්වනවා. තව ද මේවායේ අගයයන් නිතරම වෙනස් වෙනවා. ඒ විවිධ පරිගණක වැඩසටහන් මඟින් RAM එකේ ධාරිතාවය විවිධ ආකාරයෙන් භාවිතයට ගන්නා නිසා. පහළින් ම ඇති Memory Size මඟින් පරිගණකයට භාවිතා කළ හැකි මුළු RAM ධාරිතාවය දැක්වෙනවා. ඊටත් පහළින් ඇති Social Media Icons වලින් Software එකේ Social Media Sites වලට අපව Connect කරනවා.
Software එකේ ඉහළින් ම ඇති දැති රෝදයක් වැනි Icon එක මඟින් Software එකේ Settings සකසන්න පුළුවන්. Software එක Close Icon එකෙන් Close කරත් එය System Tray එකට Minimize වෙනවා විතරයි. එහෙම නොවෙන්න ඔයාලා Settings වල තියෙන Minimize to System Tray when Closed යන්න Uncheck කරන්න.
දැන් එහෙනම් මම මේ ලිපිය මෙතනින් නවත්වන්නම්. ආයිත් හම්බවෙමු..!